Wednesday, August 22, 2012





msjsiqu

YS%,dxflah ;reK mrmqfrA ld,Sk wjYH;djhka yoqkd .ksuska ta ms<snoj wjOdrKh lruska wkd.; kdhl;ajh ms<snoj wd;au jsYajdih ;reK ;reKshka fj;g  wdfrdamKh lrjk ;reK mrmqfrA fyg oskhg u. fmkajk rdcH wdh;kh cd;sl ;reK fiajd iNdjhs'

YS%,xldfjs ;reK ixjrAOk fiajdjka ;=<ska ;reK mqkreohla we;slsrSfuys,d cd;sl ;reK fiajd iNdj miq.sh oYl lsysmh ;=< ls%hd;aul jS we;s wdldrh jrAOkh yd ta ioyd fya;= jQ iudchSh miqnsus rgdj ms<snoj fukau jrA;udkfhaoS cd;Hka;r ;dreKHh iu. w;aje,a neo.ksuska kj ixl,am Tiafia wNsudkj;a .ukl fhfok whqre ms<sno wjfndaOhla ,ndoSu ioyd .;a W;aidyhls fus'


ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ මහගෙදර - ජාතික තරුණ සේවා සභාව

යම් රටක, යම් සමාජයක දිශානතිය තරුණ පරපුරයි. සමාජ විද්‍යාත්මකව හා ප්‍රතිපත්තිමය සංකල්පයක් ලෙස අවධානය යොමු කිරීමේ දී තාරුණ්‍යයේ ඇති වැදගත්කම මනාව පැහැදිලි වේ. දේශපාලන, ආර්ථික, සමාජීය හා සංස්කෘතික ආදී පැතිකඩයන් තුළින් ලෝකය තුළ දැනෙන වෙනසක් සිදුකිරීමට තරුණ පරපුර සමත්ව ඇති බව ලෝක ඉතිහාසයේ විවිධ උදාහරණයන් ගෙනහැර පාමින් දැක්විය හැකිය.

ලතින් ඇමරිකාව, ආසියාව හරහා හමා ගිය තාරුණ්‍යයේ පිබිදීම 1960 දශකය අවසානයේ දී ශ්‍රී ලංකා භූමියටද, කාන්දුවන්නට වූයේ විවිධ විපර්යාසයන් ද සමඟිනි. ඒ අනුව තරුණ පරපුර ගැන සුවිශේෂී අවධානයක් යොමු කිරීමට මේ වෙනස ඉවහල් වූ බව පැහැදිලිය. ශ්‍රී ලාංකේය තාරුණ්‍යයටද තම රටෙහි ආර්ථික හා සමාජීය සංවර්ධන කාර්යයේදී ඉටුකළ යුතු වගකීම් රැසක් හා ඒ සඳහා අවබෝධයක් ලබාදීමේ වැදගත්කම මේ යුගය වනවිට මනාව ඉස්මතුව පෙනුණි. ඒ අනුව ශ්‍රී ලංකාවේ තරුණ පරපුර ගැන ඵලදායි අධ්‍යයනයක් ඊශ්‍රායල් ජාතික අරියලෙව් මහතා විසින් සිදුකළ අතර, ලංකාවේ තරුණ කටයුතු සම්බන්ධයෙන් ජාතික ආයතනයක වැදගත්කම මෙම වාර්තාවෙන් මනාව පෙන්නුම් කරන ලදී. ඒ අනුව, සමස්ත ශ්‍රී ලාංකේය තරුණ පරපුරට නිවැරදි දර්ශනයක් නිවැරදි මඟ පෙන්වීමක් හා නායකත්වයක් ඔස්සේ ස්වශක්තියෙන් නැඟීසිටීමට අත්වාරු සපයමින් අභිමානවත් ශ්‍රී ලාංකේය තරුණ පරපුරේ පෙරගමන්කරු ලෙස වර්ෂ 1967 සම්මත වූ අංක 11 දරණ ස්වේච්ඡා ජාතික තරුණ සේවා පනත හා 1968 වර්ෂයේදී සම්මත වූ අංක 52 දරණ සංශෝධිත පනතට අනුව ජාතික තරුණ සේවා සභාව පිහිටුවන ලදී. ඉන් අනතුරුව ප්‍රථම වරට මෙරට යෞවන යෞවනියන්ගේ අභිවෘද්ධිය උදෙසා යෞවන කටයුතු හා රැකීරක්ෂා අමාත්‍යාංශය ස්ථාපිත වූ අතර, එමඟින් ජාතික තරුණ සේවා සභාවේ ක්‍රියාවලිය වඩා වේගවත් වෙමින් 1979 අංක 69 දරණ තරුණ සේවා පනතින් පුළුල් බලතල සහිතව ක්‍රියාත්මක වීමට අවැසි මඟ සැලසුණි. ඒ අනුව                      ශ්‍රී ලංකාව පුරා විහිදී සිටින තරුණ තරුණියන් හට වඩාත් ඵලදායී සේවාවක් ලබාදීමේ අරමුණින් ජාතික මට්ටමින්, පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින්, ප්‍රා‍දේශීය හා ග්‍රාමීය මට්ටමින් විවිධ තරුණ සංවර්ධන වැඩසටහන් විධිමත් පාලන ජාලයක්  ඔස්සේ ක්‍රියාත්මක වේ.

එමෙන්ම, ජාතික  තරුණ සේවා සභාව තරුණ සේවා ක්‍රියාවලියට සෘජුවම දායක විය හැකි අන්දමේ විධිමත් සංවිධාන ව්‍යූහයකින් ද සමන්විත වේ. එහි දී  ප්‍රාදේශීය මට්ටම දක්වා වූ ව්‍යාප්තියට අමතරව ජාතික  තරුණ සේවා සභාව සංවර්ධන අංශ රැසකගෙන් සමන්විතව වැඩසටහන් පවත්වාගෙන යනු ලබයි. එනම්,
1.      තරුණ සංවිධාන හා සංවර්ධන අංශය
2.      සෞන්දර්ය කුසලතා සංවර්ධන අංශය
3.      ක්‍රීඩා සංවර්ධන අංශය
4.      ජාත්‍යන්තර තරුණ සබදතා අංශය
5.      වෘත්තීය මාර්ගෝපදේශන අංශය
6.      අධ්‍යාපන සංවර්ධන අංශය
7.      කාර්මික හා වෘත්තීය පුහුණු අංශය
8.      විභාග හා ඇගයීම් අංශය
9.      ගොවිපොළ සංවර්ධන අංශය
10.  පර්යේෂණ, සැළසුම් හා මානව සම්පත් සංවර්ධන අංශය
11.  ප්‍රගති සමාලෝචන අංශය
12.  නිස්කෝ වීඩියෝ අංශය
13.  මාධ්‍ය අංශය
යන අංශ වැදගත් කාර්යභාරයක් තරුණ  සංවර්ධනය උදෙසා සිදුකරනු ලැබේ. මෙම සෑම අංශයක්ම සහකාර අධ්‍යක්ෂවරයකු යටතේ ක්‍රියාත්මක වන අතර,  නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් සහ අධ්‍යක්ෂවරුන්ගේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යනු ලැබේ.
එමෙන්ම, තරුණ සංවර්ධන ක්‍රියාවලිය ග්‍රාමීය මට්ටම දක්වා ව්‍යාප්ත කිරීමේ අරමුණින් ජාතික තරුණ සේවා සභාව දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරයකුගේ මූලිකත්වයෙන් සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් කාර්යාල පවත්වාගෙන යනු ලැබේ. දැනට දිස්ත්‍රික් කාර්යාල 26 ක් දිවයින පුරා ක්‍රියාත්මක වෙමින් පවතින අතර, එම දිස්ත්‍රික් කාර්යාල ආශ්‍රිතව දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරීන්, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි තරුණ සේවා නිලධාරීන් සේවය සඳහා යොදවා ඇති අතර, එමඟින් සමස්ත ශ්‍රී ලාංකේය තරුණ ප්‍රජාවට වඩා විධිමත් සේවාවක් ලබා දීමට අවැසි මඟ සැලසී ඇත.
මෙයට අමතරව ජාත්‍යන්තර වශයෙන් තරුණ මිත්‍රත්ත්වය, අවබෝධය, සහයෝගිතාව මූර්තිමත් කරමින් ජපන් රජය විසින් ශ්‍රී ලාංකේය තරුණ කටයුතු වේගවත් කරනු පිණිස ලබාදුන්  ජාතික  තරුණ මධ්‍යස්ථානය සහ එහි සතු බහුකාර්ය ශාලාව, ක්‍රීඩා පිටිය, ප්‍රදර්ශනාගාරය, ගෘහ විද්‍යාගාරය, වීඩියෝ තාක්ෂණ ඒකකය, චිත්‍රාගාරය, භාෂා විද්‍යාගාරය, පරිගණක තාක්ෂණ ඒකකය හා නේවාසිකාගාරය   ශ්‍රී ලාංකේය තරුණ පරපුර ලද මහඟු සම්පත් ලෙස සඳහන් කළ හැකිය.

විනයගරුක දේශයට ආදරය කරන උත්තරීතර මානව දයාවෙන් සපිරි යෞවන පරපුරක් ජාතියට උරුමකරදීම උදෙසා කැපවී ක්‍රියාකරන, ශ්‍රී ලාංකේය තරුණ පරපුරේ තරුණ සංවර්ධන ක්‍රියාවලියට උරදෙන ජාතික තරුණ සේවා සභාවේ සමස්ත කාර්ය මණ්ඩලය ආයතනය සතු මහඟු ශක්තියක් ලෙස හඳුනාගත හැකිය. තරුණ කටයුතු පිළිබද මනා හැකියාවක් සහ අත්දැකීම් වලින් හෙබි සේවක පිරිස තමන්ගේ සක්‍රීය දායකත්වය ලබාදීම තුළින් ආයතනයට ගෙන දී ඇති ශක්තිය හා ගෞරවය ඉතා ප්‍රශංසනීය වේ. එදා සිට අද දක්වා ම මුදලින් තක්සේරු කළ නොහැකි කැපකිරීමක් හා දායකත්වයක් මේ රටේ අනාගත පරපුර වන තරුණ පරපුරේ අභිවෘද්ධිය උදෙසා ඔවුන් සැම ලබාදෙන්නේ ආත්ම තෘප්තියෙනි. 




නව සහශ්‍රයට ගැළපෙන ශ්‍රී ලාංකික තරුණයකු නිර්මාණය කිරීමේ ගමනේ පිය සටහන් .....  

ජාතික තරුණ සේවා සභාව ශ්‍රී ලාංකේය භූමිය තුළ රෝපණය කොට දශක තුනකට වැඩි කාලයක් ගෙවී ගියද, අතු පතර විහිදා ගිය විසල් වෘක්ෂයක් මෙන් දිස්වන, ඒ සතු ජවය ශක්තිය හා තරුණ බව මඳකින් හෝ අඩු වී නොමැත. දිනෙන් දින වෙනස් වන පරිසර තත්ත්වයන්ට අනුකූලව වෙනස් වන තරුණ සිතුම් පැතුම් සමඟ මුහුවෙමින් ප්‍රෞඬ අතීතයේ ආශ්වාදය විඳිමින් සොඳුරු වර්තමානයකට ජාතික තරුණ සේවා සභාව පිවිස සිටී. ආරම්භක අවධියේ සිටි තාරුණ්‍යයට වඩා හාත්පසින්ම වෙනස් මුහුණුවරකින් යුතු වූ තරුණ පරපුරක් සමඟ පෙරගමනක යෙදීමට වර්තමානයේ සිදුව ඇත. ඒ සඳහා නව මුහුණුවරක්, නව ජවයක් හා ආකර්ෂණීයබවකින් ජාතික තරුණ සේවා සභාව සන්නද්ධ විය යුතුය. එම වෙනසේ ඇරඹුම 21 සියවසේ දෙවන දශකය ආරම්භයේදී ශ්‍රී ලාංකේය තාරුණ්‍යය වෙත  පුදනු ලබන්නේ මහින්ද චින්තන ඉදිරි දැක්ම ජාතික ප්‍රතිපත්තිය මඟින් සනිටුහන් කර ඇති ජාතික තරුණ සේවා සභාව පුළුල් ප්‍රතිසංවිධානයකට ලක්කිරීම යථාර්තයක්  කරමින්  ශ්‍රී ලංකා යූත්නමිනි. සීමා මායිම් නොමැති, ජාති කුල ආගම් පන්තිභේද, පක්ෂභේද, භූගෝලීය විෂමතාවන් නොමැති තාරුණ්‍ය‍යේ පැහැය සමස්ත තාරුණ්‍යය වෙනුවෙන් නියෝජනය කරනු ලබන සංකල්පය ශ්‍රී ලංකා යූත් සංකල්පයයි. එය මෙරට තාරුණ්‍යය දේශ සීමාවන් තරණය කොට ජාත්‍යන්තර තලයට ගෙන යාමට මඟ හසර තනන සොඳුරු තෝතැන්නයි. 

 ජාතික තරුණ සේවා සභාව ශ්‍රීලංකා යූත් ලෙස නව මුහුණුවරකින්, නව ජවයකින් පෙරට එන්නේ මෙරට තාරුණ්‍යයේ ජයගත නොහැකි වූ අභිමතාර්ථයන් ජයග්‍රහණය කරවීමේ පවිත්‍ර චේතනාවෙනි. යෞවනත්වය දූපත් මානසිකත්වයෙන් මිදුනු විශ්වීය ස්ථරයන් අතික්‍රමණය කරන සංකල්පයක් ලෙස ක්‍රියාකළ යුතු වීම හා වෙනස් වන ලෝකය තුළ තාරුණ්‍යයේ අවශ්‍යතාවන් හඳුනාගනිමින් තරුණ හදවත් තුළට සමීප වැඩසටහන් ක්‍රියාත්මක කළයුතු බව හා ඒ සඳහා ක්‍රියාත්මක වීම ශ්‍රී ලංකා යූත් පිළිගත් කාරණාවකි. මෙම අරමුණු ජයගැනීම සඳහා මෙරට තරුණ සංවර්ධන ක්‍රියාවලීන් තුළ නිරතව සිටින සියළුම රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සියල්ල එකම කොඩියක් සෙවනකට ගෙන ඒම ශ්‍රී ලංකා යූත් සංකල්පයේ ප්‍රධාන අරමුණු අතර වේ. ඒ යටතේ ශ්‍රී ලංකා යූත් පවුලේ පාර්ශවකරුවන් ලෙස කටයුතු කිරීමට ද එම ආයතනවලට හා සංවිධානවලට අවස්ථාව උදා වේ.
ජාතික තරුණ සේවා සභාවේ අරමුණු හා පරමාර්ථ වෙත ඵලදායී අන්දමින් ළඟාවීම සඳහා ශ්‍රී ලංකා යූත් සංකල්පය අද වන විට යෝධ ශක්තියක් බවට පත්ව ඇත. ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ අභිවෘද්ධිය උදෙසා ජාතික හා ජාත්‍යන්තර තලයන් ස්පර්ශ කරමින් නව ලොවට ගැළපෙන ශ්‍රී ලාංකික තරුණයකු නිර්මාණය කිරීමේ වගකීම අවබෝධ කරගනිමින් නව වැඩසටහන් සමඟ ජාතික තරුණ සේවා සභාව ශ්‍රී ලංකා යූත් සංකල්පය පෙරදැරිව අභිමානවත් ගමනක මේ වන විට යෙදී සිටී.
 ඒ අනුව ජාතික තරුණ සේවා සභාව අමාතයංශ  ප්‍රතිපාදන මගින් විවිධ සැලසුම් වලට අනුකූලව තරුණ වැඩසටහන් රැසක්  පාදේශීය දිස්ත්‍රික් හා ජාතික මට්ටම් ආවරණය වන පරිදි සංවිධානය කරන අතර ඉන් පරිබාහිරව වෙනත් මූලය ප්‍රභවයන් මගින් ශ්‍රී ලාකේය තාරුණ්‍යෙය් අභිවෘද්ධිය උදෙසා දැවැන්ත වැඩසටහන් රැසක් කියාත්මක කරමින් සිටි.




වෙනත් මූල්‍ය ප්‍රභවයන් මගින් ක්‍රියාත්මක කරන තරුණ වැඩසටහන්

ජාතික තරුණ සේවා සභාව නිරන්තරවම තරුණ පරපුරේ කාලීන අවශ්‍යතාවයන් හදුනාගනිමින් සිටී.අවස්ථානුකූලව ක්‍රියාත්මක වී  තරුණ පරපුරේ සංවර්ධනයට මගපෙන්වීමද සිදුකරයි.මේ නිසා ස්වකීය ශක්තිය තුළින් විවිධ මූල්‍ය පූභවයන් මගින් විශෘල වැඩසටහන් ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීමටද හැකියාව උදාවී ඇත.එම වැඩසටහන් අතුරින් කොටසක් මෙලෙස ඉදිරිපත් කෙරේ.

පුද්ගල චර්යාව හා ප්‍රජනන සෙබ්‍ය පිළිබද වැඩසටහන (දිරිය සවිය බාධිත වැඩසටහනට සමගාමීව)

ජාතික තරුණ සේවා සභාව ක්‍රියාත්මක කරනු ලබන දිරිය සවිය බාධිත වැඩසටහන ජාතික වශයෙන් ඉටුවිය යුතු යුතුකමක් ඉටුකරන වැඩසටහනකි. බාධිත තරුණ ප්‍රජාවගේ ක්‍රිඩා හා කලා හැකියාවන් වර්ධනය කර ගැනීමට අවස්ථාව උදාකරදීමට මෙන්ම පුද්ගල චර්යාවන් හා ප්‍රජනන සෞඛ්‍ය පිළීබද අවබෝධයක් ලබාදී බාධිත තරුණ තරුණියන්ද සමාජයේ සෙසු පිරිස සමග සමතැන්හි සිටිමින් කටයුතු කිරීමට අවස්ථාව උදාකරදීම සදහා මෙම වැජසටහන දිස්ත්‍රික් මට්ටමින් මේවන විට ක්‍රියාත්මක වේ.

හරිත සමාජ පිහිටුවීම   
සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි තරුණ තරුණියන් 100 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තෝරාගනිමින් ඔවුන්ට පරිසර සංරක්ෂණය පිළීබද නිසි පුහුණූවක් හා අවබෝධයක් ලබා දී තම ප්‍රෙද්ශයේ හරිත සමාජ පිහිටුවීම සදහා අවශ්‍යකරන නායකත්වය ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. ජාතික තරුණ සේවා සභාව හා මධ්‍යම පිරිසර අධීකාරිය හා එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරමින් සිටී.          

යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දායකත්වය ගමේ සංවර්ධනයට

යොවුන් පාර්ලිමේන්තු වැඩසටහනට සමගාමීව ප්‍රාදේශීය මට්ටමින් වෙනත් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන හා සංවිධාන සමග එක්ව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට ජාතික තරුණ සේවා සභාව සූදානමින් සිටී.මේ වැඩසටහන් අතර ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යාංශය එක්ව ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ ප්‍රජා මූලික වැඩසටහන් අධීක්ෂණය කිරීමේ කාර්යය යොවුන් පාර්ලිමේන්තු නියෝජ්තයා වෙත ලබා දීම පිළීබදව එම අමාත්‍යාංශ සමග සාකච්ඡා කිරීම මේ දිනවල සිදුවේ.(උදා:පාසල් ළමුන්ට කිරි ආහාර ලබාදෙන වැඩසටහන  ස්වයං රැකියා වැඩසටහන්......)මෙයට අමතරව ශ්‍රිලංකා ළමා ආරක්ෂණ අධීකාරිය හා යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව ළමා ආරක්ෂණය පිළිබදව දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවක් දියත් කිරීමටද සූදානමින් සිටි.

විවිධ අන්තර්ජාතික සංවිධාන සමග ඒකාබද්ධව



 ලෝක සෞබ්‍ය සංවිධානයේ සහයෝගයෙන් ජාතික තරුණ සේවා සභාව අවදානම් සහගත බෝ නොවන රෝග(පිළිකා, අධිරුධීර පීඩනය, දියවැඩියාව, ඇදුම ) පිළිබදව ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටී. එමෙන්ම ශ්‍රී ලංකා ස්වේච්ඡා සේවකයෝ ( SL volunteers) සංවිධානය සමග එක්ව මේවන විට රත්මලාන හා මහරගම ශ්‍රී ලංකා යූත් පුහුණූ මධ්‍යස්ථානවල හා හෝමාගම යෞවන සමාජ ආශ්‍රීතව නොමිලේ ඉංග්‍රිසි භාෂා ව ඉගැන්වීමේ වැඩසටහනක්ද ක්‍රීයාත්මක කරමින් සිටී. යුනිසෙෆ් සංවිධානය එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල වැනි අන්තර්ජාතික සංවිධානවල සහයෝගයෙන්  තවත් තරුණ සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට ජාතික තරුණ සේවා සභාව සූදානමින් සිටී.

ඩෙංගු මර්ධන කිරීමට දායකත්වය ලබාදීම
දිවයින පුරා ශීඝ්‍රයන් ව්‍යාප්තවන ඩෙංගු රෝගය තුරන්කිරීම සදහා ජාතික තරුණ සේවා සභාව මේ වන විට ප්‍රායෝගික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටී.සියඵම දිස්ත්‍රික් කාර්යාල පළාත් කාර්යාල හා පුහුණූ මධ්‍යස්ථාන යන්හි නිළධාරී මහත්ම මහත්මීන්ගේ සුවිශේෂී දායකත්වයෙන්  ප්‍රදේශයේ  විවිධ ආයතන හා සංවිධානවල සහයෝගයෙන් මෙම වැඩසටහන මේවන විට සාර්ථකව ක්‍රියාත්මක වේ.
යොවුන් සරසවිය හා යූත් සැලුන්  
විශ්ව විද්‍යාල ප්‍රෙව්ශයට සුදුසුකම් නොලැබූ එහෙත් බාහිර උපාධී අපේක්ෂකයන් ලෙස ඉගෙනුම ලබන තරුණ තරුණියන්ට අත්වැලක් වීමට යොවුන් සරසවිය නමින් වැඩසටහනක්ද රෑපලාවන්‍ය ක්ෂේත්‍රෙය් විධිමත්  පුහුණූවක් ලබාදී එමගින් ජීවිතය ජයගැනීමට ශක්තියක් වීමට යූත් සැලුන්  නම් වැඩසටහනක්ද මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වේ.

අධිෂ්ඨාන පූජා වැඩසටහන්

තුරුණූ සිතට දහම් සුවය වැඩසටහනට සමගාමීව විවිධ මූල්‍ය ප්‍රභවයන් මගින් ප්‍රාදේශීය මට්ටමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට ජාතික තරුණ සේවා සභාවට හැකියාව ලැබී ඇත. අධිෂ්ඨාන පූජා සහ බුද්ධ ඥාන වන්දනා ලෙස නම්කොට ඇති මෙම වැඩසටහන්  සෑම ප්‍රදේශයකම ආගමික මධ්‍යස්ථාන මූලික කරගනිමින් සංවිධානය කෙරේ.

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්
ජාතික තරුණ සේවා සභාව සහ මත්ද්‍රව්‍ය නිවාරණ තොරතුරු මධ්‍යස්ථානය හා එක්ව ශ්‍රී ලාංකේය තරුණ ප්‍රජාව මත්ද්‍රව්‍ය උවදුරෙන් බේරාගැනීම සදහා සුවිශේෂී වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.එම වැඩසටහන් අතර ජාතික තරුණ සේවා සභාවේ පුහුණූ මධ්‍යස්ථාන ආශ්‍රීතව මේ වන විට දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටී. එමෙන්ම ජාතික මට්ටමින් මත්ද්‍රව්‍ය උවදුර පිළිබද දැනුවත් කරමින් ඒකාබද්ධ කෙටි නාට්‍ය තරගාවලියක් පැවැත්වීමටද කටයුතු සූදානම් කොට ඇත.
මෙම වැඩසටහන් වලට අමතරව ජාතික තරුණ සේවා සභාව එහි  විවිධ අංශයන් තුළින් දැවැන්ත තරුණ සංවර්ධන ක්‍රියවලියක්  මේ වන විට සිදුකරමින් සිටින අතර එහි අංශු මාතයක් මෙලෙස වචන බවට පත් කරන්නෙමු.
තරුණ සංවිධාන ශක්තිමත් කිරීම
ජාතික තරුණ සේවා සභාව ශ්‍රී ලංකාව පුරා විහිදී සිටින ග්‍රාමීය හා නාගරික තරුණ පරපුර ඒ වටා ඒකරාශී කරගන්නා ප්‍රධානතම ස්වේච්ඡා සංවිධානය වන්නේ යෞවන සමාජයයි. මෙම යෞවන සමාජ හා බැදුණු යෞවන සමාජ ව්‍යාපාරයේ කටයුතු සංවර්ධනය කිරීම, එහි කටයුතු අධීක්ෂණය කිරීම, යෞවන සමාජ හා එක්ව විවිධ තරුණ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, යනාදී වූ වැඩසටහන් සංවිධානය හා මෙහෙයවීම ජාතික තරුණ සේවා සභාව විසින් සිදුකරන සුවිශේෂි කාර්යයකි.  සම්ප්‍රදායික යෞවන සමාජ ව්‍යාපාරය විධිමත්ව හා නව ජවයකින් ප්‍රතිසංවිධානය කිරීමේ කාර්යය සඳහා “Y 2012 නමින් දීපව්‍යාප්ත වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා යූත් සංකල්පය ඔස්සේ හඳුන්වා දී තිබීම යෞවන සමාජ ව්‍යාපාරයට ශක්තියක් ගෙන දීමට හේතුවක්ව ඇත.


එමඟින් 2012 වර්ෂයේ මැද භාගය වන විට යෞවන සමාජ පිහිටුවීමේ ප්‍රගතිය ඉහළ ස්ථරයකට ගෙන ඒමට අවස්ථාව උදාවී ඇත. Y-2012 වැඩසටහන යටතේ ජාතික තරුණ සේවා සභාව යෞවන සමාජ ග්‍රාමීය වශයෙන් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන, පාසල්, විශ්ව විද්‍යාල, බන්ධනාගාර ආශ්‍රිතව පිහිටු වීමට හා ප්‍රතිසංවිධානය කිරීමට හා ඒ තුළින් දැනුම, කුසලතා, ආකල්ප තරුණ තරුණියන් ලබා දීම මේ යටතේ සිදු කෙරේ. ප්‍රා‍දේශීය, දිස්ත්‍රික්  හා ජාතික මට්ටමින් වැඩි තරුණ පිරිසකට අවස්ථාව ලබාදීම අරමුණ කර ගනිමින් යෞවන සමාජ 18,000 ක් පිහිටුවීම මූලික ඉලක්කයක් බවට පත්කරගනිමින් පුළුල් ප්‍රචාරයක් සමඟින් තරුණ තරුණියන් දැනුවත් කිරීමේ සංවිධාන ගත ක්‍රියාවලියක් මේ වනවිට ක්‍රියාත්මක කොට ඇත.
තරුණ ජනමතය දැහැමි මාවතකට යොමු කිරීම, මනා හික්මීමකින් යුතු පරපුරක් සමාජයට දායාද කිරීමට මෙන්ම දිස්ත්‍රික් මට්ටමින් ධර්ම සාකච්ඡා, සංවාද මණ්ඩප පැවැත්වීම හා ප්‍රා‍දේශීය මට්ටමින් දහම් කමිටු
පිහිටුවීම තුළින් යෞවන යෞවනියන් සුමඟට යොමු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන තුරුණු සිතට දහම් සුවය අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන ජාතික තරුණ සේවා සභාව විසින් හඳුන්වා දෙනු ලැබූ තවත් සුවිශේෂී වැඩසටහනක් වේ. එක් වැඩසටහනකට යෞවන සමාජ සාමාජික සාමාජිකාවන් 150 දෙනෙකු බැගින් සහභාගිකරවා ගනිමින් දිස්ත්‍රික්ක 26 පුරා මෙම වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක වේ.

සියළු ශ්‍රී ලාංකිකයින් එකම ජාතියක් සේ සළකා සමඟිය, මිත්‍රත්තවය, සහයෝගය හා සංවර්ධනය යන යෞවන ප්‍රතිඥාව සනාථ කරමින් ශ්‍රී ලංකාවේ විවිධ දිස්ත්‍රික්කවල ජීවත්වන යෞවන යෞවනියන් අතර තම අත්දැකීම් හා අදහස් හුවමාරු කරගැනීම ස‍ඳහා ක්‍රියාත්මක කළ සුවිශේෂී තරුණ සංවර්ධන වැඩසටහනක් ලෙස දේශීය තරුණ හුවමාරු වැඩසටහන හඳුන්වා දිය හැක. ශ්‍රී ලංකාවේ අන්තර් දිස්ත්‍රික් තරුණ පිරිස අතර ජන ජීවිතයේ විවිධ සංස්කෘතීන් හා සමාජ ක්‍රියාවලීන් පිළිබඳ අවබෝධයක් ලබාදීමට මානව ගරුත්වයෙන් පිරි සදාචාරාත්මක තරුණ පරපුරක් රටට දායාද කිරීමට, දේශීය කෘෂිකර්ම, කර්මාන්ත නිෂ්පාදන හා ශ්‍රම වෙළඳපොල පිළිබ‍ඳව අවබෝධයක් ඇතිකරලීම තුළින් ස්වයං ආර්ථික ක්‍රියාවලියක නිරතවීමට මඟ පෙන්වීම හා අවස්ථාව සැළසීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.]

වත්මන් තරුණ පරපුරෙහි ඇතැම් තරුණ කොටස් තරඟකාරී සමාජ පරිසරය තුළ අවිවේකයෙන්, මානසික පීඩනයකින් හා ආතතියකින් පෙළෙන බව හඳුනාගත හැකි කරුණකි. මේ ගැටළුවට පිළියමක් ලෙස Sri Lanka Youth හා Mini Youth Park නම් ව්‍යාපෘතිය හඳුන්වා දී ඇත. තරුණ තරුණියන්ට සිය විවේක කාලය සතුටින් සැහැල්ලුවෙන් ගත කිරීමට අවස්ථාව උදාකරදීම, විවිධ ප්‍රදේශවලින් පැමිණෙන තරුණ තරුණියන්ට එකිනෙකා හදුනාගැනීමටත්, එතුළින් අත්දැකීම් හුවමාරුකරගැනීමටත් අවස්ථාව උදාකරදීම, මානසික පීඩනය හා ආතතිය අවම කිරීම හා විවිධ සංස්කෘතීන් අතර සහජීවනයක් ඇතිකිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

1999 වර්ෂයේ මැයි 23 වන දින ශ්‍රී ලාංකේය තාරුණ්‍යයට අභිමානවත් දිනයකි. ශ්‍රී ලාංකික තරුණයාට ජාති ආගම් භේදයකින් තොරව එකම දේශයක ස්වකීය අභිමානය සැමරීම සඳහා ජාතික තරුණ දිනය රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද්දේ එදින බැවිනි. ඒ අනුව, සෑම වර්ෂයකම මැයි මස 23 වන දිනය ජාතික තරුණ දිනය ලෙස හැඳින්වේ. මෙය අති උත්කර්ශවත් අන්දමින් ප්‍රා‍දේශීය, දිස්ත්‍රික් හා ජාතික මට්ටමින් සෑම ශ්‍රී ලාංකික තරුණයකුම සමරනු ලැබේ. මෙමඟින් තාරුණ්‍යයට පිළිගැනීමක් ඇතිකරලීම, අන්‍යෝන්‍ය සහයෝගීතාවය වර්ධනය කරලීම, යෞවන ගැටළු වටා විශාල තරුණ තරුණියන් පිරිසක් ඒකරාශී කිරීම තුළින් තරුණ සංවර්ධනය වේගවත් කිරීම හා ප්‍රාදේශීය නායකත්වයේ අවධානය තරුණ නායකයන් කෙරෙහි යොමුකරවීම සඳහා විවිධ ක්‍රියාත්මක වැඩසටහන් ඔස්සේ මෙම දිනය අභිමානයෙන් Sri Lanka Youth Day ලෙස සමරනු ලැබේ.

ජාතික තරුණ සේවා සභාව ශ්‍රී ලංකා යූත් සංකල්පය තුළ ක්‍රියාත්මක කරනු ලබන සුවිශේෂී වැඩසටහනක් ලෙස දිරිය සවිය බාධිත සංවර්ධන වැඩසටහන හැඳින්විය හැකිය. ජාතික තරුණ සේවා සභාවේ අරමුණු අතර විශේෂ හැකියාවන් සහිත තරුණ තරුණියන්ට සහාය වීම සඳහන් කොට ඇත. ඒ අනුව, වෙනස් වූ හැකියාවන් සහිත තරුණ ප්‍රජාව වෙනුවෙන් වැඩසටහන් නිර්මාණය වීමේ අඩුවක් පවතින යුගයක ජාතික තරුණ සේවා සභාව ශ්‍රී ලංකා යූත් සිහිනය ලෙස මෙම වැඩසටහන අතිසාර්ථක ලෙස මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටී. සමාජයේ සෙසු අය සේම ඔවුන්ද විවිධ හැකියාවන්ගෙන් යුක්ත සමාජයේම වටිනා පිරිසක් ලෙස හදුනාගමිනින් සමාජයට ඒ පිළිබඳ අවබෝධය ලබාදීම, වෙනස් වූ හැකියාවන් සහිත තරුණ තරුණියන්ගේ ක්‍රීඩා, සෞන්දර්ය ආදී අංග වලින් ඇති හැකියාවන් වර්ධනය කරගැනීමට සහායවීම, ඔවුන්ගේම ආර්ථික රටාවන් තුළින් ජීවන තත්වය දියුණු කරගැනීම සඳහා ස්වයං රැකියා සඳහා යොමු කරවීම මෙම වැඩසටහනේ අරමුණු අතර වේ. මේ වන විට ශ්‍රී ලංකා යූත් සිහිනය රියැලටි වැඩසටහන නමින් ගායන, වාදන, නර්ථන, ආදී අංශ සඳහා වෙනස් වූ හැකියාවන්ගෙන් යුක්ත තරුණ තරුණියන් අතර විශිෂ්ටයන් තේරීමේ තරගයක් ද ක්‍රියාත්මක වන අතර, එහි දෙවන අදියර ද මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

ක්‍රීඩා වැඩසටහන්

තරුණ පෙළ අතර සාමූහිකත්වය, සහයෝගය, නායකත්වය වැනි කණඩායම් ගුණාංග වර්ධනය කරමින් නිරෝගී තරුණ පරපුරක් ජාතියට දායාද කරලීමේ යුතුකම ශ්‍රී ලාංකේය තාරුණ්‍යෙයේ පෙරගමන්කරු ලෙස ජාතික තරුණ සේවා සභාව මනාව වටහාගෙන එය ඉටුකරන්නට නිබඳවම සැදී පැහැදී සිටී. ජාතික තරුණ සේවා සභාවේ ආරම්භක අවධියේ තිබූ වැඩසටහන්වලට වඩා වෙනස් වූත් මේ යුගයේ තාරුණ්‍යයේ අවශ්‍යතාවයන්ට මුල්තැන දෙමින් ක්‍රීඩා ක්ෂේතුයේ විවිධ වූ වැඩසටහන් රැසක් අද වන විට ශ්‍රී ලංකා යූත් සංකල්පය තුළ ශ්‍රී ලාංකේය තාරුණ්‍යය වෙත උරුම කර දී ඇත. ජාතික තරුණ සේවා සභාවේ ක්‍රීඩා සංවර්ධන අංශය තුළින් මේ වන විට ක්‍රීඩා ක්ෂේත්‍රය උදෙසා තරුණ තරුණියන් වෙත ප්‍රතිලාභ රැසක් හිමිකරදී ඇත. ජාතික යෞවන ක්‍රීඩා උළෙල නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ග්‍රාමීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ගලායන ක්‍රීඩා තරගාවලියකට සහභාගී වීමේ අවස්ථාව උදාකර දෙන සුවිශේෂී ව්‍යාපෘතියකි. ක්‍රීඩා උළෙලේ දී දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතියට හදුන්වා දීම, ජාතික හා ජාත්‍යන්තරය වෙත ගෙනයාමට අවශ්‍ය මග සැළසීම හා විශේෂ පුහුණුකරුවන් යටතේ ඔවුන්ට පුහුණුවීම් ලබාදීම සඳහා යොමු කරවීම හා පහසුකම් සැළසීම මෙහිදී  සිදු කරනු ලැබේ. 2012 වර්ෂය වෙනුවෙන් 24 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙල අභිමානයෙන් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා යූත් සූදානමින් සිටී. මෙයට අමතරව ශ්‍රී ලංකාව පුරා විහිදී සිටින දක්ෂතාවයන්ගෙන් සපිරි තරුණ තරුණියන්ගෙන් සමන්විත වොලිබෝල් හා නෙට්බෝල් ක්‍රීඩා සංචිත හෙයියන්තුඩුව හා මහරගම මධ්‍යස්ථානය තුළ දී ක්‍රියාත්මක වේ. මෙහිදී දෑ අවුරුදු පුහුණුවීමක් ලබාදී ජාතික හා ජාත්‍යන්තර තරග ජයග්‍රහණය කරලීමට අවැසි ශක්තිය හා සහායෝගය ලබාදීම සිදු කෙරේ.

Sri Lanka Youth Sport Club ව්‍යාපෘතිය ද ශ්‍රී ලංකා යූත් සංකල්පය තුළ ක්‍රියාත්මක වන සුවිශේෂී වැඩසටහනකි. ක්‍රීඩා ක්ෂේත්‍රෙය් දක්ෂතාවයන්ගෙන් සපිරි යෞවන යෞවනියන්ගේ කාලය, ශ්‍රමය හා ජවය අපතේ නොයවා ඵලදායී කාර්යයක් වෙත යොදවා ගැනීම අරමුණු කරගනිමින් ක්‍රමාණුකූල පුහුණුවක් තුළින් දක්ෂ ක්‍රීඩා ක්‍රීඩිකාවන් ජාතියට දායාද කරලීම මෙහි අභිප්‍රායයි. මේ යටතේ නෙට්බෝල්, පැසිපන්දු, කරාතේ, වූෂු, ටයිකොන්ඩෝ, ජිම්නාස්ටික්, කායවර්ධන, මලල ක්‍රීඩා, චෙස්, යෝග, වොලිබෝල්, පාපන්දු, ක්‍රිකට් යන ක්‍රීඩාවන් හි විධිමත් පුහුණුවක් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබාදේ.

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාව නඟා සිටුවීම සඳහා ප්‍රා‍‍දේශීය වශයෙන් දිස්ත්‍රික් හා ජාතික වශයෙන් සුවිසල් කාර්යභාරයකට ජාතික තරුණසේවා සභාව දායකත්වය ලබාදී ඇත. ඒ යටතේ අංගසම්පූර්ණ වොලිබෝල් ක්‍රීඩා පිටි සකස් කිරීමට පියවර ගෙන ඇත. මෙමගින් වොලිබෝල් ක්‍රීඩාවේ නියුක්තව සිටින  ක්‍රීඩක ක්‍රීඩිකාවන්හට ජාතික තලය දක්වා පැමිණීමට අවශ්‍ය පුහුණුවීම් පහසුකම් සළසාදීම, විද්‍යානුකූලව සකස් කරන ලද ක්‍රීඩා පිටියක පුහුණුවීම් සිදුකිරීම මඟින් ඔවුන් තුළ ඇති දක්ෂතා මතු කරගැනීමට ඉඩ ප්‍රස්ථාව සළසාදීම යනාදී පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා Sri Lanka Youth වොලිබෝල් ක්‍රීඩා පිටි ඉදිකරනු ලැබේ.

මේ සමඟම ජාතික හා ජාත්‍යන්තර කායවර්ධන හා ශාරීරික සුවතාවය හා කාය ශක්තිය වර්ධනය කරගැනීමට කැමති තරුණ හා වැඩිහිටි පිරිසට ඒ සඳහා අවස්ථාව උදාකරදීමේ අරමුණින් ශ්‍රී  ලංකා යූත් නමින් කායවර්ධන ක්‍රීඩකයින් කණ්ඩායමක් බිහිකිරීම, ශාරීරික සුවතාවය හා කාය ශක්තිය වර්ධනය කරගැනීමට කැමති තරුණ හා වැඩිහිටි පිරිසට ඒ සඳහා අවස්ථාව උදාකරදීමේ අරමුණින් ශ්‍රී ලංකා යූත් කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා ඒකකය විශාල වටිනාකමකින් යුත් නවීන කායවර්ධන උපකරණ සහිතව සංවර්ධනය කිරීම මේ වන විට සිදු කොට ඇත.

දෙවන වරටත් පැවැත්වීමට කටයුතු සංවිධානය කරන Tour de Sri Lanka Youth පාපැදි සවාරිය රටේ සංවර්ධනය උදෙසා ලංකාවේ සිව් දිසාවේ විසිරී පැතිරී සිටින ජනතාවට ජාති භේද, ආගම් භේද, ආදී කිසිදු භේදයකින් තොරව එක්ව කටයුතු කළ හැකි බවට දන්වන සුබ පණිවිඩය ජාත්‍යන්තරයට රැගෙන යන විශ්ෂ්ට තරුණ සංවර්ධන වැඩසටහනකි. එමෙන්ම මෙරට පාපැදි සවාරි තරග ඉතිහාසයේ දැවැන්තම ත්‍යාග මුදල ලබාදෙන තරගාවලිය ලෙස ද මෙය ඇගයීමට පාත්‍ර වී ඇත.

ප්‍රාදේශීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන්හට ඔවුන්ගේ දක්ෂතා ජාතික රූපවාහිනිය ඔස්සේ රටට දැකබලා ගැනීමට අවස්ථාව ලබාදීමත් ඔවුන් තුළ අභිමානයක් ඇති කර වොලිබෝල් ක්‍රීඩාව ජනප්‍රිය කරවීමත් යන අරමුණු පෙරදැරිව ශ්‍රී ලංකා යූත්-රූපවාහිනී අභියෝග ශූරතා වොලිබෝල් තරගාවලිය ක්‍රියාත්මක වේ. මෙමගින් දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික කනිෂ්ට ජ්‍යෙෂ්ඨ සංචිත වලට හා ජාත්‍යන්තර තරගාවලි අවස්ථාවන් සඳහා ද සහභාගීවීමේ අවස්ථාවන් උදා කරදේ. එමෙන්ම දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්හට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රැකියා අවස්ථාවන් ලබාදීමට මෙම වැඩසටහන නිසා හැකියාව උදා වී තිබේ.